Wednesday, December 21, 2016

FOREX Trading සිංහලෙන් පාඩම්මාලාවක්

ෆොරෙක්ස් වෙළදපොල කියන්නේ දිනකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5 කට අධික ගනුදෙනු හුවමාරු වන ඉතා විශාල වෙළදපොලකි. මෙහි විවිධ රට වල භාවිතා කෙරෙන මුදල් මිලදී ගැනීම සහ විකිනීම සිදු වේ. අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවිය හැකි එක් සාර්ථක ක්‍රමයක් ලෙස මෙම මූල්‍යය වෙළදාම සලකනු ලැබේ. නමුත් මනා දැනුමක් නොමැතිව මූල්‍යය වෙළදපොලේ ගනු දෙනු සිදු කිරීම සුදුසු නොවේ. එබැවින් මූල්‍යය වෙළදාම (FOREX Trading) පිළබඳව මනා අධ්‍යාපනයක් ලැබීම ඉතාමත් වැදගත් වන අතරම එමගින් ඔබට මූල්‍යය ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබේ.

මූල්‍යය වෙළදපොල පිළිබදව ඔබට මනා අවබෝධයක් ලබාදෙන, FOREX පිළිබඳව සිංහල භාෂාවෙන් ඉගැන්වෙන පාඩම්මාලාවක් ඔබට පහත සබැදිය ඔස්සේ ලබාගත හැකි වේ.

සිංහල FOREX පාඩම්මාලාවට පිවිසෙන්න

Tuesday, December 13, 2016

සිංහල සහ දෙමළ යුනිකෝඩ් ටයිප් කිරීමට පරිගණකය සකසා ගැනීම

සිංහල සහ දෙමළ භාෂාවන් ටයිප් කළ හැකි ආකාරයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයක් සකසා ගන්නා ආකාරය පහත දී ඇති සබැදිය ඔස්සේ පිවිසීමෙන් ඉගෙන ගන්න.

මෙහිදී, වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියකට Sinhala/Tamil Language Kit ස්ථාපනය කර ගන්නා ආකාරයත්, ඉන් අනතුරුව පරිගණකය ඊට ගැලපෙන ආකාරයට සකසා ගන්නා ආකාරයත් ඔබට ඉගෙන ගැනීමට හැකි වේ. 

පාඩම නරඹන්න

Saturday, January 24, 2015

ඔබගේ පළමු ජාවා ක්‍රමලේඛණය ලිවීම

cdjd mß.Kl NdIdj Ndú;d lrñka Tnf.a uq,au mß.Kl l%uf,aLKh ilia lsÍug bf.k .uq' úkafvdaia fufyhqï moaO;shla iys; mß.Klhl fkdaÜ mEâ fhÿu Ndú;d lrñka Tnf.a m<uq cdjd l%uf,aLKh ,sùu isÿ lrk wdldrh Tng fuu mdvfï§ bf.k .; yels fõ'




 ජාවා ක්‍රමලේඛණයක් ලිවීමේදී “ක්ලාස්“ (class) එකක් සකස් කර ගන්නා ආකාරය මෙම පාඩමේදී විස්තර කෙරේ. එමෙන්ම ජාවා ක්‍රමලේඛණයක “මේන් මෙතඩ්“ (main method) එක යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.




පාඩම :    ඔබගේ පළමු ජාවා ක්‍රමලේඛණය සකස් කර ගන්නා ආකාරය




පරිගණකයට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගන්නා ආකාරය

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔබගේ පරිගණකයට ස්ථාපනය (Install) කරගන්නා ආකාරය පහත දී ඇති පාඩම් වලින් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. දැනට ඇති වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 8.1 යන සංස්කරණ දෙකටම අයත් මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර ගන්නේ එකම ආකාරයට බැවින් ඔබ වින්ඩෝස් 8.1 පරිගණකයට ස්ථාපනය කර ගන්නට අපේක්ෂා කරන්නේ නම් මෙම පාඩම් ඔබට වඩාත් වැදගත් වෙනවා ඇත.



ඔබගේ පරිගණකය සඳහා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්නා විට “ක්රැක්“ (Crack) කරන ලද මෙහෙයුම් පද්ධති භාවිතයෙන් හැකි පමණ ඈත් වන්න. එයට හේතුව වන්නේ ක්රැක් කරන ලද මෙහෙයුම් පද්ධති තුළට වෛරස සහ තොරතුරු සොරාගැනීමේ මෘදුකාංග අැතුලත් කිරීම බොහෝ විට සිදු කරනු ලබන බැවිනි. මුදල් ගෙවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මෘදුකාංග මිලට ගැනීමට අපහසු නම් ඒ සඳහා විකල්ප ලෙස “උබන්ටු“ (Ubuntu) වැනි නිදහස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය පරිගණකයට ස්ථාපනය කර ගන්නා ආකාරය ඉගැන්වෙන පාඩම් පහත දී ඇත.

පළමු කොටස

දෙවැනි කොටස

තෙවැනි කොටස

සිව්වැනි කොටස




Friday, January 23, 2015

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා යෙදුම් සකස් කිරීම

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන ඉතාමත් වේගයෙනු ලොව පුර ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සදහා යෙදුම් සැකැසීම අද ලොව පුරා මෘදුකාංග නිර්මාණ ශිල්පීන් අතර බහුලව ව්‍යාප්ත වී ඇති බව පෙනේ.

අන්ඩ්‍රොයිඩ් යෙදුම් සැකැසීම සඳහා බහුලව භාවිතා කරනු ලබන්නේ ජාවා පරිගණක භාෂාවයි. එබැවින් ජාවා පරිගණක භාෂාව භාවිතා කරමින් ජංගම දුරකථන සඳහා යෙදුම් සැකැසීම ඉගෙන ගැනීම මඟින් තාක්ෂණ ලොකය තුළ ඔබට නව මං පෙත් විවර කර දෙනු ලැබේ.

ඇන්ඩ්‍රොයිඩ් SDK යොදා ගනිමින් සරළ යෙදුමක් සැකැසීමේ ක්‍රියාවලිය


ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කිරීම සඳහා ගූගල් මඟින් ලබා දෙනු ලබන මෘදුකාංග සැකැසුම (Android Software Development Kit)  භාවිතා කිරීම ඉතා පහසු වේ. එම සැකැසුම නිවැරදිව සකස් කර ගැනීමත් ඉන් අනතුරුව එය භාවිතා කර ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කර ගැනීමත් ඇතුළත් කොට සිංහලෙන් සකසා ඇති පාඩම්මාලාව නැරඹීමෙන් ඔබටත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කිරීම ඉගෙන ගත හැකි වේ.



පාඩම්මාලාවට මෙතැනින් පිවිසෙන්න.