Saturday, October 18, 2014

Selling Photographs and Earn Money from the Internet

අන්තර්ජාලය තුළ මුදල් සෙවිය හැකි නිවැරදි ක‍්‍රම අතර බොහෝ දෙනා අතර ජනප‍්‍රිය ක‍්‍රමයක් වන්නේ ඡායාරූප අන්තර්ජාලය තුළ විකිණීම හෙවත් ස්ටොක් ෆොටෝග‍්‍රැෆි ක‍්‍රමවේදයයි. මේ මගින් ඔබ විසින් ගනු ලබන ඡායාරූප අන්තර්ජාලය තුළ විවිධ මිල ගණන් වලට විකිණීමෙන් ඔබට මුදල් සෙවීම සිදු කළ හැකියි. මුලින්ම ඔබ විසින් කළයුතු වන්නේ ඡායාරූප විකිණීම සඳහා එම සේවාව සපයන ඒජන්ත වෙබ් අඩවි වල ගිණුමක් විවෘත කොට ඔබගේ ඡායාරූප එම වෙබ් අඩවියට ඇතුළත් කිරීමයි. පසුව එම වෙබ් අඩවියට ඡායාරූප මිළදී ගැනීමට පැමිණෙන පිරිස් ඔබගේ ඡායාරූප මිළදී ගත් විට ඒ සඳහා ඔබට කොමිස් මුදලක් ලැබේ. මෙම කොමිස් මුදල ඇමෙරිකානු ඩොලර් 0.25 සිට 5.00 දක්වා අගයන් විය හැකි අතර එම අගය ඔබ විසින් ඉදිරිපත් කෙරෙන ඡායාරූප මත වෙනස්විය හැකිය.



මේ ආකාරයට අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප විකිණීම සිදුකෙරෙන ආකාරය ඔබට ඉගැන්වෙන ගුරුඑල්කේ පාඩම නැරඹීමෙන් ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිවෙනු ඇත.

3 comments: