Wednesday, November 19, 2014

Internet Jobs and Earn Money Online Sinhala Lessons

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි ක‍්‍රම පිළබඳව නිතර තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ. නමුත් මෙම තොරතුරු වලින් වඩා නිවැරදි ක‍්‍රමවේද තොරා ගැනීම ඉතා අපහසු ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමයක් වන්නේ අන්තර්ජාලය තුළ ඇති විවිධ රැකියා කිරීමෙන් මුදල් සෙවීමයි. මෙය වඩා නිවැරදි වූත් ඉතාමත් ආරක්ෂාකාරී වූ ක‍්‍රමයක් වේ. නමුත් අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීමට ඔබ සතුව විවිධ කුසළතාවයන් තිබිය යුතුයි. එයට හේතුව කුසළතාවයක් නොමැතිව ඔබට අන්තර්ජාලය තුළ රැකියා කිරීම අපහසු වීමයි. එමෙන්ම ඔබ සතුව සැළකිය යුතු ප‍්‍රමාණයක ඉංග‍්‍රීසි දැනුමක්ද තිබිය යුතුයි. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අවශ්‍යය වන්නේ ඔබට රැකියා ලබා දෙන පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කිරීමටත් ඔවුන්ට අවශ්‍යය කර්තව්‍යය නිවැරදිව තේරුම් ගැනීමටත් වේ.



මේ අනුව ඔබ යම්කිසි කුසළතාවයක් සහිත ඉංග‍්‍රීසි භාෂාව භාවිතා කළ හැකි කෙනෙකු නම් ඔබටත් අන්තර්ජාලය තුළ ඇති රැකියා කිරීමෙන් මුදල් සෙවීම කළ හැකියි.  මේ ආකාරයට අන්තර්ජාලයේ ඇති රැකියා කිරීමෙන් මුදල් සෙවීමේදී ඔබට උපයාගත හැකි මුදලේ ප‍්‍රමාණයට සීමාවක්ද නැත. එම සීමාව රදා පවතින්නේ ඔබට කළ හැකි ප‍්‍රමාණය මත පමණී. අන්තර්ජාල රැකියා කිරීමෙන් මාසයකට රුපියල් ලක්ෂ ගණනින් මුදල් සොයන පුද්ගලයින්ද අපට හමු වේ.

ගුරුඑල්කේ වෙබ් අඩවිය තුළ අන්තර්ජාල රැකියා පිළිබඳව ඔබව දැනුවත් කෙරෙන පාඩම්මාලාවක් ඇතුළත් කර තිබේ. අන්තර්ජාලා රැකියා සිදුකෙරෙන ආකාරයත් එවැනි රැකියා සාර්ථකව සොයාගන්නා ආකාරයත් රැකියා කිරීමෙන් ඔබට ලැබෙන මුදල් ඔබ වෙත ගෙන්වා ගැනීමේ ක‍්‍රම පිළබඳවත් මෙම පාඩම්මාලාව තුළින් ඔබ දැනුවත් කරනු ලැබේ. පහත දී ඇති යොමුව තුළන් ඔබට එම වීඩියෝ පාඩම් වලට යොමු විය හැකි වේ.

අන්තර්ජාල රැකියා පිළිබඳ විඩියෝ පාඩම්මාලාවට පිවිසෙන්න