Saturday, January 24, 2015

ඔබගේ පළමු ජාවා ක්‍රමලේඛණය ලිවීම

cdjd mß.Kl NdIdj Ndú;d lrñka Tnf.a uq,au mß.Kl l%uf,aLKh ilia lsÍug bf.k .uq' úkafvdaia fufyhqï moaO;shla iys; mß.Klhl fkdaÜ mEâ fhÿu Ndú;d lrñka Tnf.a m<uq cdjd l%uf,aLKh ,sùu isÿ lrk wdldrh Tng fuu mdvfï§ bf.k .; yels fõ'




 ජාවා ක්‍රමලේඛණයක් ලිවීමේදී “ක්ලාස්“ (class) එකක් සකස් කර ගන්නා ආකාරය මෙම පාඩමේදී විස්තර කෙරේ. එමෙන්ම ජාවා ක්‍රමලේඛණයක “මේන් මෙතඩ්“ (main method) එක යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.




පාඩම :    ඔබගේ පළමු ජාවා ක්‍රමලේඛණය සකස් කර ගන්නා ආකාරය




පරිගණකයට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගන්නා ආකාරය

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔබගේ පරිගණකයට ස්ථාපනය (Install) කරගන්නා ආකාරය පහත දී ඇති පාඩම් වලින් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. දැනට ඇති වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 8.1 යන සංස්කරණ දෙකටම අයත් මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර ගන්නේ එකම ආකාරයට බැවින් ඔබ වින්ඩෝස් 8.1 පරිගණකයට ස්ථාපනය කර ගන්නට අපේක්ෂා කරන්නේ නම් මෙම පාඩම් ඔබට වඩාත් වැදගත් වෙනවා ඇත.



ඔබගේ පරිගණකය සඳහා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්නා විට “ක්රැක්“ (Crack) කරන ලද මෙහෙයුම් පද්ධති භාවිතයෙන් හැකි පමණ ඈත් වන්න. එයට හේතුව වන්නේ ක්රැක් කරන ලද මෙහෙයුම් පද්ධති තුළට වෛරස සහ තොරතුරු සොරාගැනීමේ මෘදුකාංග අැතුලත් කිරීම බොහෝ විට සිදු කරනු ලබන බැවිනි. මුදල් ගෙවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මෘදුකාංග මිලට ගැනීමට අපහසු නම් ඒ සඳහා විකල්ප ලෙස “උබන්ටු“ (Ubuntu) වැනි නිදහස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය පරිගණකයට ස්ථාපනය කර ගන්නා ආකාරය ඉගැන්වෙන පාඩම් පහත දී ඇත.

පළමු කොටස

දෙවැනි කොටස

තෙවැනි කොටස

සිව්වැනි කොටස




Friday, January 23, 2015

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා යෙදුම් සකස් කිරීම

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන ඉතාමත් වේගයෙනු ලොව පුර ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සදහා යෙදුම් සැකැසීම අද ලොව පුරා මෘදුකාංග නිර්මාණ ශිල්පීන් අතර බහුලව ව්‍යාප්ත වී ඇති බව පෙනේ.

අන්ඩ්‍රොයිඩ් යෙදුම් සැකැසීම සඳහා බහුලව භාවිතා කරනු ලබන්නේ ජාවා පරිගණක භාෂාවයි. එබැවින් ජාවා පරිගණක භාෂාව භාවිතා කරමින් ජංගම දුරකථන සඳහා යෙදුම් සැකැසීම ඉගෙන ගැනීම මඟින් තාක්ෂණ ලොකය තුළ ඔබට නව මං පෙත් විවර කර දෙනු ලැබේ.

ඇන්ඩ්‍රොයිඩ් SDK යොදා ගනිමින් සරළ යෙදුමක් සැකැසීමේ ක්‍රියාවලිය


ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කිරීම සඳහා ගූගල් මඟින් ලබා දෙනු ලබන මෘදුකාංග සැකැසුම (Android Software Development Kit)  භාවිතා කිරීම ඉතා පහසු වේ. එම සැකැසුම නිවැරදිව සකස් කර ගැනීමත් ඉන් අනතුරුව එය භාවිතා කර ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කර ගැනීමත් ඇතුළත් කොට සිංහලෙන් සකසා ඇති පාඩම්මාලාව නැරඹීමෙන් ඔබටත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කිරීම ඉගෙන ගත හැකි වේ.



පාඩම්මාලාවට මෙතැනින් පිවිසෙන්න.



ඇපල් මැක් එක්ස් ලයන් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ආකාරය ඉගෙන ගමු

ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනා භාවිතා කෙරෙන මෙහෙයුම් පද්ධතිය (Operating System) වින්ඩෝස් වුවත් ඇපල් මැක් පරිගණක භාවිතා කෙරෙන පරිශීලකයින් භාවිතා කෙරෙන්නේ මැක් මෙහෙයුම් පද්ධතියයි. ඇපල් සමාගම මගින් නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ 10.7 සංස්කරණය හදුන්වනු ලබන්නේ මැක් එක්ස් ලයන්  (Mac OS X Lion) යන නමිනි.


මැක් මෙහෙයුම් පද්ධතිය පිළිබදව ඉගෙන ගත හැකි පාඩම් ඉංග්‍රීසි භාෂාවෙන් තිබුනත් සිංහලෙන් සකස් කරන ලද පාඩම් නොමැති තරම් වේ. අන්තර්ජාලය තුළ ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය පිළිබඳව සිංහලෙන් ඉගැන්වෙන මුල්ම පාඩම්මාලාව ගුරුඑල්කේ වෙබ් අඩවිය පසුගියදා අන්තර්ජාලයට එකතු කරනු ලැබුවා.





ඇපල් මැක් එක්ස් ලයන් 10.7 මෙහෙයුම් පද්ධතිය පිළිබඳ සිංහල පාඩම්මාලාවට පිවිසෙන්න.