Wednesday, November 19, 2014

Internet Jobs and Earn Money Online Sinhala Lessons

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි ක‍්‍රම පිළබඳව නිතර තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ. නමුත් මෙම තොරතුරු වලින් වඩා නිවැරදි ක‍්‍රමවේද තොරා ගැනීම ඉතා අපහසු ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමයක් වන්නේ අන්තර්ජාලය තුළ ඇති විවිධ රැකියා කිරීමෙන් මුදල් සෙවීමයි. මෙය වඩා නිවැරදි වූත් ඉතාමත් ආරක්ෂාකාරී වූ ක‍්‍රමයක් වේ. නමුත් අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීමට ඔබ සතුව විවිධ කුසළතාවයන් තිබිය යුතුයි. එයට හේතුව කුසළතාවයක් නොමැතිව ඔබට අන්තර්ජාලය තුළ රැකියා කිරීම අපහසු වීමයි. එමෙන්ම ඔබ සතුව සැළකිය යුතු ප‍්‍රමාණයක ඉංග‍්‍රීසි දැනුමක්ද තිබිය යුතුයි. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අවශ්‍යය වන්නේ ඔබට රැකියා ලබා දෙන පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කිරීමටත් ඔවුන්ට අවශ්‍යය කර්තව්‍යය නිවැරදිව තේරුම් ගැනීමටත් වේ.



මේ අනුව ඔබ යම්කිසි කුසළතාවයක් සහිත ඉංග‍්‍රීසි භාෂාව භාවිතා කළ හැකි කෙනෙකු නම් ඔබටත් අන්තර්ජාලය තුළ ඇති රැකියා කිරීමෙන් මුදල් සෙවීම කළ හැකියි.  මේ ආකාරයට අන්තර්ජාලයේ ඇති රැකියා කිරීමෙන් මුදල් සෙවීමේදී ඔබට උපයාගත හැකි මුදලේ ප‍්‍රමාණයට සීමාවක්ද නැත. එම සීමාව රදා පවතින්නේ ඔබට කළ හැකි ප‍්‍රමාණය මත පමණී. අන්තර්ජාල රැකියා කිරීමෙන් මාසයකට රුපියල් ලක්ෂ ගණනින් මුදල් සොයන පුද්ගලයින්ද අපට හමු වේ.

ගුරුඑල්කේ වෙබ් අඩවිය තුළ අන්තර්ජාල රැකියා පිළිබඳව ඔබව දැනුවත් කෙරෙන පාඩම්මාලාවක් ඇතුළත් කර තිබේ. අන්තර්ජාලා රැකියා සිදුකෙරෙන ආකාරයත් එවැනි රැකියා සාර්ථකව සොයාගන්නා ආකාරයත් රැකියා කිරීමෙන් ඔබට ලැබෙන මුදල් ඔබ වෙත ගෙන්වා ගැනීමේ ක‍්‍රම පිළබඳවත් මෙම පාඩම්මාලාව තුළින් ඔබ දැනුවත් කරනු ලැබේ. පහත දී ඇති යොමුව තුළන් ඔබට එම වීඩියෝ පාඩම් වලට යොමු විය හැකි වේ.

අන්තර්ජාල රැකියා පිළිබඳ විඩියෝ පාඩම්මාලාවට පිවිසෙන්න

Saturday, October 18, 2014

Selling Photographs and Earn Money from the Internet

අන්තර්ජාලය තුළ මුදල් සෙවිය හැකි නිවැරදි ක‍්‍රම අතර බොහෝ දෙනා අතර ජනප‍්‍රිය ක‍්‍රමයක් වන්නේ ඡායාරූප අන්තර්ජාලය තුළ විකිණීම හෙවත් ස්ටොක් ෆොටෝග‍්‍රැෆි ක‍්‍රමවේදයයි. මේ මගින් ඔබ විසින් ගනු ලබන ඡායාරූප අන්තර්ජාලය තුළ විවිධ මිල ගණන් වලට විකිණීමෙන් ඔබට මුදල් සෙවීම සිදු කළ හැකියි. මුලින්ම ඔබ විසින් කළයුතු වන්නේ ඡායාරූප විකිණීම සඳහා එම සේවාව සපයන ඒජන්ත වෙබ් අඩවි වල ගිණුමක් විවෘත කොට ඔබගේ ඡායාරූප එම වෙබ් අඩවියට ඇතුළත් කිරීමයි. පසුව එම වෙබ් අඩවියට ඡායාරූප මිළදී ගැනීමට පැමිණෙන පිරිස් ඔබගේ ඡායාරූප මිළදී ගත් විට ඒ සඳහා ඔබට කොමිස් මුදලක් ලැබේ. මෙම කොමිස් මුදල ඇමෙරිකානු ඩොලර් 0.25 සිට 5.00 දක්වා අගයන් විය හැකි අතර එම අගය ඔබ විසින් ඉදිරිපත් කෙරෙන ඡායාරූප මත වෙනස්විය හැකිය.



මේ ආකාරයට අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප විකිණීම සිදුකෙරෙන ආකාරය ඔබට ඉගැන්වෙන ගුරුඑල්කේ පාඩම නැරඹීමෙන් ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිවෙනු ඇත.

Tuesday, September 30, 2014

Install and Configure WAMP Server 2.5

වෑම්ප් සර්වරය පිළිබඳ නවතම පාඩම්මාලාවක් ගුරු වෙබ් අඩවියේ ප‍්‍රකාශනය කරනු ලැබුවා. වෑම්ප් සර්වරයේ දැනට ඇති නවතම සංස්කරණය වන 2.5 භාවිතා කරමින් මෙම පාඩම් සකස්කර තිබෙනවා. මෙම නවතම පාඩම් මගින් වෑම්ප්සර්වර් මෘදුකාංගය නිවැරදිව පරිගණකය තුළ ස්ථාපනය කර ගන්නා ආකාරයත්, පී.එච්.පී මයි ඇඞ්මින් (PHP MyAdmin) නිවැරදිව සකසා ගන්නා ආකාරයත් මෙහිදී ඔබට ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනවා.




 වෑම්ප් සර්වර් 2.5 භාවිතා කෙරෙන ආකාරය ඉගැන්වෙන ගුරු එල්කේ පාඩම්මාලාවට මෙතැනින් පිවිසෙන්න

Tuesday, September 23, 2014

C++ Programming in CodeBlocks Sinhala Video Tutorials Series

කෝඞ් බ්ලොක්ස් (Code Blocks) කියන්නේ C/C++ පරිගණක භාෂාවන් භාවිතා කර පරිගණක යෙදුම් සකස්කිරීමේදී යොදා ගන්නා ජනප‍්‍රිය මෙවලමක්. මෙය වඩාත් ප‍්‍රචලිත වීමට ප‍්‍රධානතම හේතුව වන්නේ කෝඞ් බ්ලොක්ස් නිදහස් මෘදුකාංගයක් වීමයි. මෙය නොමිලේ  ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ තම පරිගණකයට බාගත කර ගත හැකියි. එමෙන්ම කෝඞ් බ්ලොක්ස් වින්ඩෝස්, ලිනක්ස්, ඇපල් මැක් යන  ඕනෑම මෙහෙයුම් පද්ධතියකට ස්ථාපනය කළ හැකි වීම මෙය ප‍්‍රචලිත වීමට තවත් හේතුවක් වෙනවා.

කෝඞ් බ්ලොක්ස් භාවිතා කර C++ ක‍්‍රමලේඛණය සිදු කරන ආකාරය ඉගැන්වෙන් පාඩම් ගුරු වෙබ් අඩවියේ පළ කරනු ලබනවා. සෑම දිනකම එක් පාඩමක් බැගින් පළ කරනු ලබන මෙම පාඩම් ඔබට පහත යොමුව තුළින් පිවිසිය හැක.


කෝඩ් බ්ලොක්ස් යොදා ගනිමින් සරල පරගණක ක්‍රමලේඛණයක් සිදු කරනු ලබන ආකාරය.



කෝඩ් බ්ලොක්ස් අතුරු මුහුණත යොදා ගනිමින් සකස් කරන ලද C++ ක්‍රමලේඛණය ධාවනය කිරීම



කෝඞ් බ්ලොක්ස් පාඩම් සඳහා පිවිසුම